කුරුණෑගල DIGට සහ SPට මාරුවක්

0
18


කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතාට එරෙහි විමර්ශනවලදී අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සහ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර තිබේ.

ඊයේ (01) පස්වරුවේ පැවති පොලිස් කොමිසමේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා මොණරාගලටත් පොලිස් අධිකාරිවරයා කිලිනොච්චියටත් මාරු කර යැවීමට තීරණය කර ඇත.

ඔවුන් දෙදෙනා ස්ථාන මාරු නොකළහොත් වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් වන විමර්ශනවලට බාධා ඇති විය හැකි බවත් එම නිසා ඔවුන් දෙදෙනාගේ ස්ථාන මාරුකිරීම්වලට අදාළ කටයුතු සිදු කරන ලෙසත් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පසුගිය 27 දා පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබිණි.

මෙම නඩුවට අදාළව ව්‍යාජ සාක්ෂි සකස් කිරීම සහ පොලිස් සටහන් වෙනස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම නිලධාරීන් දෙදෙනාට එල්ල වී ඇති අතර ඒ පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here