කාලගුණයෙන් රතු නිවේදනයක්

0
34


උතුරු, උතුරුමැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ක්ෂණිකව ඉහළ යෑමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අද (08) නිකුත් කළ මෙම නිවේදනය හෙට (09) පෙ.ව. 9.30 තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 55ත් 65ත් දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වෙයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here