ක්‍රිස් ගේල් වාර්තා පොතට | දිනමිණ

0
23


ජාත්‍යන්තර එක්දින තරග බිමේ සිය 300 වැනි තරගයේදී ක්‍රිස් ගේල් වාර්තා පොතට එක් වෙයි.

ඒ ඉන්දියාව සමග පැවැති දෙවැනි තරගයේදී ලකුණු 11ක් රැස්කළ ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරු ලෙස ඉතිහාසයට එක්වෙමිනි. කොදෙව් පිල වෙනුවෙන් තරග 297ක් ක්‍රීඩා කර ඇති ඔහු මේ වනවිට ලකුණු 10353ක් රැස්කර ඇත්තේ ශතක 25ක් සහ අර්ධ ශතක 52ක් සමගිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 3ක්ද ක්‍රීඩා කර ඇති ඔහු අර්ධ ශතකයක්ද සමගින් රැස්කළ ඇති සම්පූර්ණ එක්දින ලකුණු සංඛ්‍යාව (තරග 300) 10408කි. 2015 වසරේ සිම්බාබ්වේ පිලට එරෙහිව රැස්කළ ලකුණු 215 ඔහුගේ ඉහළම එක්දින ඉනිමයි.

මින් පෙර කොදෙව් පිල වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාය. ඔහු කොදෙව් පිල වෙනුවෙන් එක්දින තරග 295කදී රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව 10348කි. ලෝක කණ්ඩායම නියෝජනය කරමින් තරග 4කට ද එක්වූ ලාරා එහිදී ලකුණු 10405 (තරග 299) රැස්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here