Home උණුසුම් පුවත් කන්කාසන්තුරෙන් නව කොරල්පරයක් සොයා ගනී

කන්කාසන්තුරෙන් නව කොරල්පරයක් සොයා ගනී

0
42


ඉන්දිකා රාමනායක

නාවික හමුදාව විසින් කන්කසන්තුරේ වරාය පරිශ‍්‍ර මුහුදු ප්‍රදේශයෙන් නව  කොරල් පරයක් සොයා ගත් බව නාවික හමුදාව කියයි.

මෙම කොරල් පරය දියකඩනයේ මුහුදු දෙසින් මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇති  බවත් මෙය මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු කොරල් පරයක් බව නාවික හමුදාව සඳහන් කරයි.

උතුරු නාවික විධානයට අයත්  නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකළ කිමිදුම් මෙහෙයුමකින් මෙම කොරල් පරය සොයා ගත් බවද නාවික හමුදාව කියයි.

උතුරු නාවික විධාන බාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ අධික්ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් මෙතෙක් නොදුටු මෙම කොරල් පරයක් සොයා ගෙන ඇති බව නාවික හමුදා සඳහන් කරයි.

සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරපර හඳුන්වා දිය හැකි අතර ස්වාභාවික හේතූන් නිසා හෝ හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවා දිරාපත් වී ඇත.

මෙම තත්වය සැළකිල්ලට ගනිමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ගේ උපදෙස් මත උතුරු මුහුදේ දිය යට ස්ථාන සංරක්ෂණය කර මෙම කොරල්පර ආරක්ෂා කිරීමට උතුරු නාවික විධානය කටයුතු කරමින් සිටින බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here