කදිරගාමර් ඝාතනයට කුමන්ත්‍රණය කළ LTTE සාමාජිකයාට ජර්මනියේදී නඩු

0
20


කීර්තිමත් දේශපාලනඥයෙකු මෙන්ම විශිෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ජර්මනියේදී අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාට එරෙහිව ත‍්‍රස්තවාදයට ආධාර අනුබල දීම යටතේ එරට අධිකරණය හමුවේ නඩු චෝදනා ගොනු කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස නඩු චෝදනා ගොනු කර ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී පර්මන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 40 හැවිරිදි නවනීදන් නැමැත්තාට එරෙහිවය.

2002 වසරේ සිට 2009 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ බුද්ධි ඒකකයට සම්බන්ධ වී කටයුතු කර ඇති මෙම සැකකරු 2005 වසරේ සිදු වූ ලක්ෂ්මන් කදිරගාමර් හිටපු අමාත්‍යවරයාගේ ඝාතනයට සම්බන්ධ අයෙකු බවට ජර්මානු ආරක්ෂක අංශ සිදු කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here