කතෝලික දේවස්ථානයක් ආසන්නයේ තිබී ජීව උණ්ඩ තොගයක් පොලිස් භාරයට

0
34


මාරවිල වීදි පාරේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානය පිටුපස ලදු කැලෑවක තිබී ජීව උණ්ඩ තොගයක් ඊයේ(01) පස්වරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ සවස මාරවිල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී එස්.එල්.ආර්. වර්ගයට අයත් ජීව උණ්ඩ 02 ක්,මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 02 ක් සහ ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ වලට සමාන ජීව උණ්ඩ 02 ක් මෙහිදී පොලිස් බාරයට ගෙන තිබේ.

මීට අමතරව වෙන්නප්පුව, ලුණුවිල පාලම අසල පොලිතීන් උරයක බහා තිබූ ජීව අත්බෝම්බයක් වෙන්නප්පුව පොලීසිය භාරයට ගෙන ඇත.

ගිං ඔයේ මසුන් මැරීමට ගිය පුද්ගලයෙකු සිදුකළ දැනුම්දීමකට අනුව මෙම අත්බෝම්බය සොයාගෙන ඇත.

සිද්ධීන් සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here