කටුනායකින් පැන්න විදේශිකයා බේරගන්න හිටපු මුස්ලිම් ඇමැතිගේ සහය

0
374


කටුනායක ගුවන් තොටුපොළේදීනිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සූදානම් කර සිටියදී තම ගුවන් ගමන්බලපත්‍රඇතුළු ලියකියවිලි දමා පැනගිය විදේශිකයකුබේරාගැනීමට හිටපුමුස්ලිම් ඇමැතිවරයකු ආගමන විගමනනිලධාරීන්ට බලපෑම් කර ඇතැයි ඊයේ (18 වැනිදා)අනාවරණය විය.

මෙම විදේශිකයා ඇමෙරිකාවේ සිට පැමිණි එංගලන්ත ජාතිකයෙකි. හිටපු ඇමැතිවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ අයෙක්. එංගලන්ත ජාතිකයානිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට ඊයේ (18 වැනිදා) උදෑසන කටුනායකදී සූදානම් වූ පසුව තම ලියකියවිලි දමා ඔහුහොරරහසේ එතැනින් පිටව ගොස් ඇත.

අනතුරුව මෙම විදේශිකයා අදාළ හිටපු ඇමැතිවරයා ලවා තම ලියකියවිලි මුදාගැනීමට කතා කර ඇත. හිටපු ඇමැතිවරයා කතා කළ පසුව තම ලියකියවිලි ගැනීමට යළිආගමන විගමන කවුන්ටරය වෙත පැමිණි විදේශිකයා ආගමන විගමන නිලධාරීන්රඳවාගෙන ඇත.

එහිදී යළිත් ඔහු මුදාගැනීමට අදාළ හිටපු ඇමැතිවරයා කතා කර තිබුණද විදේශිකයානිරෝධායනයටයැවීමට කටයුතුකර තිබිණි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here