කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන පොලිස් ලොක්කන් ගැන පරීක්ෂණ

0
37


රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙමින් සිටින පාතාල කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් සමඟ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමීපව කටයුතු කර ඇතැයි, පැමිණිලි ඉදිරිපත්වී තිබෙන සිද්ධිය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ප්‍රධාන පාතාල කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඉතා සමීපව කටයුතු කරන බවට චෝදනා කරමින් මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම  සිද්ධියට අදාලව වීඩියෝ පටයක් ද පැමිණිලිකාර හිමියන් විසින් ඉදිරිපත් කර  ඇති අතර අදාල නිලධාරීන් කංජිපානි ඉම්රාන්ගේ උපන්දිනය ද සමරා ඇති බවට චෝදනා කරයි.

සිද්ධිය සම්බන්ධව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එහිදී අදාල නිලධාරීන්ට එරෙහි චෝදනා සනාථ වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here