ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කළ කිරි ගවයින් මිය යාම පිළිබඳව සොයා බැලීමට එරටින් විශේෂ කණ්ඩායමක්

0
28


COLOMBO (News 1st) – ආන්දෝලනයට තුඩු දී ඇති ඔස්ට්‍රේලියාවෙන් ආනයනික කිරි ගවයින් පිළිබඳව සොයා බැලීමට එරට නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ, කිරි ගවයින් මිය යාම හා එම සත්ත්වයින්ට වැළඳී ඇති රෝගාබාධ පිළිබඳව විමර්ශනය සඳහා ය.

එම නියෝජිතයින් ආනයනික කිරි ගවයින් දැනට රඳවා සිටින ගොවිපොළවල සංචාරය කරමින් මෙම පරීක්ෂණ වාර්තාව සකස් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යංශයේ ලේකම් ඒ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය.

මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වා ඇති කිරි ගවයින් සංඛ්‍යාව 5000කි.

එම සත්ත්වයින් දිවයිනේ ගොවිපොළ 67ක් මිලදී ගනු ලැබී ය.

එහෙත් සමස්ත ලංකා කිරි ගොවීන්ගේ සංගමයේ උප සභාපති අමල් සූරියගේ මහතා සඳහන් කළේ, තම සාමාජිකයින් මිලදී ගත් කිරි ගවයින් මිය යාම සම්බන්ධයෙන් මෙතෙක් රජයෙන් සාධාරණයක් ඉටු නොවූ බව ය.

ඔස්ට්‍රේලියානු නියෝජිතයින්ගේ පරීක්ෂණය ද පක්ෂග්‍රාහී බව ඔහු පැවසුවේ ය.

අමල් සූරියගේ මහතා ප්‍රකාශ කළේ, කිරි ගවයින් මිලදී ගත් සෑම ගොවිපොළක්ම මෙම පරීක්ෂණයේදී සලකා බැලිය යුතු බව ය.

මේ පිළිබඳව කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසුවේ, පරීක්ෂණය විනිවිද ආකාරයෙන් නොපැවැත්වුවහොත් එහි වාර්තාව පිළිනොගන්නා බව ය.

උණුසුම් පුවත්



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here