එස්.එල්.ටී. ස්පීඩ් අප් කාර්ටින් ශූරතාවලිය හෙට බණ්ඩාරගමදී

0
74


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, සිලෝන් මෝටර් ස්පෝර්ට් සහ ඩේවිඩ් පීරිස් රේසිං සහ ලෙසර් ආයතනය එක්ව සංවිධාන කරන ‘එස්.එල්.ටී. ස්පීඩ් අප් කාර්ටින් ශූරතාවලිය’ හෙට (13) පෙ.ව.9.00 සිට බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටිස් සර්කිට් හිදී පැවැත්වේ.

මෙරට කාර්ටින් ධාවන තරග ඉතිහාසය සුවිශේෂි තැනකට ගෙන යමින් පළමු වරට පැය 8ක් පුරා එක දිගට ක්‍රියාත්මක වන තරගයක් ලෙස මේ තරගය පැවැත්වීම විශේෂත්වයකි.

කණ්ඩායම් 12ක් සහභාගීවන තරගාවලිය සමාරම්භක උත්සවය පෙ.ව.9.00ට පැවැත්වෙන අතර ඉන් අනතුරුව තරගකරුවන්ට කාල ගණනය සඳහා අවස්ථාවක් හිමිවෙයි. පෙ.ව.11.30ට තරගය ආරම්භ වන අතර එය රාත්‍රි 7.30 දක්වා අඛණ්ඩව පැවැත්වේ. ශ්‍රී ලංකාව තුළ මෙලෙස වැඩිම කාලයක් පුරා පැවැත්වෙන දීර්ඝතම තරගය මෙය වන අතර මින් පෙර තරග පවත්වා ඇත්තේ පැය 6ක කාලයකි. මේ තරගයේදී තරගකරුවන්ට රථය නැවැත්වීමට හැක්කේ ඉන්ධන පිරවීම, ටයර් මාරු කිරීම සහ රියදුරන් මාරු වීම සඳහා පමණි.

මේ දීර්ඝ තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සුවිශේසි අත්දැකීම් ලබාදීමටද තරග සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා පැවැති අතර එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් අත්තනායක මහතා පැවැසුවේ මේ තරගාවලිය සමගින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ක්‍රීඩාවේ තවත් අංශයකට යොමුවන බවයි. මින් පෙර පාපැදි තරගකරුවන්ට අවස්ථාව දෙමින් එස්.එල්.ටී. ස්පීඩ් අප් සයිකල් සවාරිය සංවිධාන කළ ටෙලිකොම් ආයතනය මේ වසරේ පෙබරවාරි මාසයේදී එළියකන්ද කඳු තරණ තරගාවලියටත් අනුග්‍රාහකත්වය ලබා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here