එංගලන්තයට නව පුහුණුකරුවෙක් | දිනමිණ

0
52


ජයපරාජයෙන් තොරව නිමාවට පත්වූ අළුබඳුන ටෙස්ට් තරගමාලාවෙන් පසුව සිය ධුරකාලය නිමා කළ එංගලන්ත පිලේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස් වෙනුවට ක්‍රිස් සිල්වර්වුඩ් පත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත.

එංගලන්ත පිලේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි 44 හැවිරිදි සිල්වර්වුඩ් එංගලන්ත ටෙස්ට්, එක්දින හා විස්සයි20 සියළු මුහුණුවර යටතේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

එංගලන්ත පිලේ පුහුණුකාර තනතුරට ග්‍රෙහැම් ෆෝඩ්, ගැරී කර්ස්ටන් සහ ඇලෙක් ස්ටුවර්ට් අයැදුම්පත් යොමු කර තිබූ අතර එංගලන්ත ක්‍රිකට් පාලකමණ්ඩලයේ එකම තේරීම බවට පත්වීමට සිල්වර්වුඩ් සමත්විය.

එංගලන්ත පිල ලබන මස ටෙස්ට් තරග 2කට සහ විස්සයි20 තරග 5කට ක්‍රීඩා කිරීමට නවසීලන්තයේ සංචාරයක නිරතවන අතර එය නව පුහුණුකරුගේ පළමු තරගමාලාව වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here