ඉවසා ඉවරයි.. සජිත් පිල දරුණු වෙයි.. නායකත්වය, අපේක්‍ෂකත්වය ඉල්ලා සිරිකොත වටලයි..

0
28


ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලබා දෙන ලෙස බලපෑම් කරමින් අගෝස්තු මාසයේදි සිරිකොත එජාප මූලස්ථානය ඉදිරියට රට පුරා එජාප පාක්ෂිකයන් කැඳවන බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය පවසයි.

එහි සභාපති දුමින්ද ණ්ඩාරනායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

අද නායක රනිල් වික්‍රමසිංහ මහතා අද කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පලිගැනීමක් බවත් ඔහු සඳහන් කළේය.

කිසිසේත්ම කරු ජයසූරිය මහතා එජාපය ජනාධිපති අපේක්ෂකයා විය යුතු නැති බවද පැවසූ ඔහු කරු ජයසූරිය මහතා පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අයකු බවද පැවසීය.

අද රටපුරා ජනතාව ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු නැතිව එජාපයට ජය ගැනීමට නොහැකි බවත් සභාපතිවරයා තව දුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here