ඉන්දුනීසියා භූ කම්පනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නැහැ-කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව

0
34


COLOMBO (News 1st): ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 7.1ක භූකම්පනයක් ඇතිවීමෙන් පසු එරට බලධාරින් විසින් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බී.එම්.කේ.ජී. ඉන්දුනීසියානු භූ විද්‍යාත්මක මධ්‍යස්ථානයට අනුව මෙම භූකම්පනය හටගෙන ඇත්තේ, සුලාවේසි සහ උතුරු මලුකු දූපත් මධ්‍යයේ පිහිටි මොලුක්කා මුහුදේ සැතපුම් 22ක ගැඹුරකිනි.

එරට මාධ්‍ය පවසන්නේ ප්‍රධාන භූකම්පනයෙන් පසු තවත් කුඩා කම්පන කිහිපයක් ඇති වූ බවයි.

ඉන්දුනීසියානු මුහුදු ආශ්‍රිත ප්‍රදේශවලට අඩි 1.6ක මුහුදු රැළි ඇතිවිය හැකි බවටද අනතුරු ඇගවීම් සිදු කර තිබිණ.

සුනාමි අනතුරු ඇඟවීම් හේතුවෙන් ටර්නෙට් නගරයේ ජනතාව උස්බිම් කරා ගිය බවත්, භූකම්පන ලක්ෂයේ සිට සැතපුම් 80ක දුරින් පිහිටි රෝහල්වල යම් හානි සිදුව ඇති බැවින් රෝගින් ඉවත්කර ගැනීමත් සිදුවූ බව සඳහන් ය.

භූකම්පන ලක්ෂයේ සිට සැතපුම් 115ක දුරින් පිහිටි මනාඩෝ නගරයේ ජනතාවට කම්පනය තදින්ම දැනී ඇති නමුත් එම ප්‍රදේශයෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැත.

නමුත් අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අදාළ භුකම්පනය සැතපුම් 15ක ගැඹුරින් ඇතිවූ මැග්නිටියුඩ් ඒකක 6.9ක භූකම්පනයක් බව සඳහන් ය.

අප කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පැවසුවේ මෙම භූ කම්පනයෙන්, ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.

උණුසුම් පුවත්



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here