ඉන්දියානු සාගර කලාපයට අයි.එස්. අවධානමක්

0
31


ඉරාකයේ සහ සිරියාවේ බලය ගිලිහීයාමත් සමඟ අයි.එස්. ත්‍රස්තයන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපයට යොමුව ඇති බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේ අනුව අවධානමට ලක්විය හැකි බවත් ඉන්දියානු බුද්ධි අංශ වාර්තා කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය බුද්ධි නිලධාරීන් එරට පොලීසියට ලිපි තුනක් ඔස්සේ මේ සම්බන්ධව දැනුම් දී ඇති බවත් විශේෂයෙන් කේරල ප්‍රාන්තයේ මුහුදු සීමා අවට ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් මාධ්‍ය වාර්තා දක්වයි.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පුද්ගලයන් රැසක් මේ වනවිටත් අයි.එස්. ත්‍රස්තවාදීන්ට එක්වී ඇති බවත් ඉදිරියේදී මෙම තත්වය තර්ජනයක් විය හැකි බවත් බුද්ධි අංශ පෙන්වා දී තිබේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here