ඇල්පිටිය පුංචි ඡන්දයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

0
60


හෙට(11) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය හේතුවෙන් ඇල්පිටිය හා පිටිගල පොලිස් වසම් තුළ විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

මාර්ග බාධක, ජංගම මුර සංචාර ඇතුළු ආරක්ෂක විධිවිධාන සහ කැරලි මර්ධන කණ්ඩායම් 4ක් ද ඇල්පිටිය හා පිටිගල පොලිස් වසම් වෙත යොමුකර ඇතැයි ද සමස්ථ පොලිස් නිලධාරීන් 537 දෙනෙකු සේවයේ යොදවා ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

පොලිස් නිලධාරී මහතුන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද ආරක්ෂක කටයුතු වෙනුවෙන් අනියුක්ත කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මගින් කොට්ඨාශ මට්ටමින් සභිකයන් 17 දෙනෙකු ද ලැයිස්තුවෙන් 11 දෙනෙකු ද ලෙස සභිකයන් 28 දෙනෙකු තෝරා පත්කර ගැනීමට නියමිතය. ඒ වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 47කදී ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here