ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ගැන දැනුවත් කිරීමක්

0
33


ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(18) ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ඇල්පිටිය පොලීසියේ නිලධාරීන් සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් එක්ව ඇත.

එහිදී ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳන් කර ඇත්තේ ලබන ඔක්තෝබර් මස 11 වැනිදා මැතිවරණය පැවැත්වීමට සියළුම කටයුතු මේ වනවිට සූදානම්ව ඇති බවය.

එහිදී සභිකයන් 28 දෙනෙකු තෝරාගැනෙන අතර කොට්ඨාශ මට්ටමින් 17 දෙනෙකු ද ලැයිස්තුවෙන් 11 දෙනෙකු ද ලෙස මෙම 28 දෙනා තෝරා පත්කර ගැනීමට නියමිතය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 53384කි.

මේ අතර ඊයේ දිනයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා තිදෙනෙකු විසින් පෙත්සමක් ද ඉදිරිපත් කළේය. පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් 11 වැනිදා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් රැස්වී තීරණයක් ගෙන නොමැති බවත් 2017 වසරේ කැඳවන ලද නාම යෝජනා පදනම් කරගෙන මෙම මැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බවත් ය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here