ඇඹුල්ගම වෙඩි තැබීමේ සිද්ධිය අපරාධ කල්ලි අතර ගැටුමක් බවට සැකයක්

0
16


හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ ඊයේ(15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක් විය හැකිබව පොලීසිය සැකකරයි.

ඊයේ රාත්‍රි 9.15ට පමණ අවිස්සාවේල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම මන්සන්ධියේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

ප්‍රහාරයෙන් මෝටර් රථයේ සිටි එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

මියගොස් ඇත්තේ 23 හැවිරිදි රණාල ජල්තර ප්‍රදේශයේ පදිංචිව සිටි බෙලිහුල්ලගෙදර සුරේෂ් රුවන්ත ගුණසිංහ නොහොත් චූටි මල්ලි නැමැත්තෙකි.

සිද්ධිය සම්බන්ධව හංවැල්ල සහ නවගමුව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here