ආනමාළු රංග ඝාතනයේ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

0
64


COLOMBO (News 1st) : ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය සුසාන භූමිය අසලදී තියුණු ආයුධවලින් පහරදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ආනමාළු රංග නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් සතුව තිබී කඩු දෙකක් ද සොයා ගත් බවයි.

ඝාතනයෙන් අනතුරුව සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය මාදම්පිටිය සුසාන භූමිය අසල දමා ගොස් තිබියදී ඊයේ පොලීසිය විසින් සොයා ගත් අතර එහි හිමිකාරිය වන්නේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කුඩු රෝශාන් නමැත්තාගේ බිරිඳයි. ‍

ඒ අනුව, මට්ටක්කුලියේ පිහිටි ඇයගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂාවට ලක් කර ඇති අතර එම ස්ථානයේ සැකකටයුතු ලෙස හැසිරුණු අදාළ පුද්ගලයින් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ඔහු සඳහන් කළේ, අත්අඩංගුවට පත්වූවන් අතර කුඩු රෝශාන් නමැත්තාගේ සහෝදරයෙකු ද වන බවයි.

ත්‍රීරෝද රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන ආනමාළු රංග ඇතුළු දෙදෙනෙකු තියුණු ආයුධවලින් ඇන ඊයේ පස්වරුවේදී ඝාතනය කළේ ය.

 

උණුසුම් පුවත්



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here