ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගයට සහාය දීමට ශ්‍රීලනිපයත් තීරණය කරයි

0
43


ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය ලබා දීමෙන් එයට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගය පිළිබඳව අද පැවැත්වෙන විවාදයෙන් පසු පස්වරු 6.30ට මීට අදාල ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here