ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගයට සියලුම කතෝලික මන්ත්‍රිවරු සහාය දියයුතුයි

0
72


ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට සියලු කතෝලික මන්ත්‍රිවරු එක් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (12) පැවත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති නිමල් ලන්සා මහතා…

“රිෂාඩ් බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට සහාය දෙන්න එජාපයේ කතෝලික ඇමැතිවරු එකග වෙලා තිබුණා. ඒ වගේ ආණ්ඩුවට එරෙහිව එළැඹෙන විශ්වාසභංගයේදිත් ඊට සහාය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුත් මේ ප්‍රහාරයට ආන්ඩුව වගකිය යුතුයි කියල කිව්වා.

මේ සියලු දෙනාම රජයට එරෙහිව ජවිපෙ ගෙනාපු විශ්වාසභංග යෝජනාවට සහාය දෙයි කියලාත් අපි බලාපොරොත්තු වෙනවා.

තමන්ගේ පක්ෂය, ආණ්ඩුව රකිනවා වෙනුවට ජිවිත පූජා කරපු ජනතාව වෙනුවෙන් සාධාරණත්වය ඉටු කරන්න එකතු වෙන්න කියලා වැදලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.”



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here