ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරන ජවිපෙ තවත් විරෝධතාවක් ඇඹිලිපිටියේදී

0
82


රට අරාජික කළ මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව, වහා ඉල්ලා අස්වෙනු! යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දිවයින පුරා සංවිධානය කර ඇති ආණ්ඩු විරෝධී පාගමන් සහ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අධියරක් අද (02) ඇඹිලිපිටිය නගරයේදී පැවැත්විණි.

වගකීම් විරහිත රනිල්-මෛත්‍රී, දූෂිත ආණ්ඩුව තවත් රට පාලනය කිරීමට නුසුදුසු බවත් වහා ඉල්ලා අස්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ බලකර සිටියි.

ඇඹිලිපිටිය නගරයේ පැවති මෙම දැවැන්ත විරෝධතාවය සහ මහජන රැස්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා, රත්නපුර දිස්ත්‍රික් නායක ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු ජවිපෙ මහජන නියෝජිතයන් එක්ව සිටියහ.

එසේම පැවති විරෝධතාව සහ සම්මන්ත්‍රණය සඳහා විශාල ජන සහභාගීත්වයක් දැකිය හැකි විය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here