අලූත් පක්‍ෂය ඉවරවෙන හැටි රාජිත කියයි

0
58


දුෂිත නායකයින් හිරේ විලංගුෙවි වැටුණු පසු නව පක්ෂය විනාශ වෙන බව සෞඛ්‍ය ඇමැති පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කරන ලද පිය සෙනෙහස අහිමි වූ දරුවන් 200 කට පාසල් උපකරණ බෙදාදීෙමි ‘ස්ව ශක්ති මාතා’ වැඩසටහනේ දෙවන අදියර පයාගල රාජිත සේනාරත්න ක‍්‍රීඩාංගණයේ දී පැවති අවස්ථාවේදීය.

‘නව දේශපාලන පක්ෂ නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙනවා. එහි නායකයින්ට එරෙහිව ඇති චෝදනා විමර්ශණය වෙමින් පවතිනවා. ඉදිරියේ එම නායකයින් හිරේ විලංගුෙවි වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙයි. නායකයෝ සිරගෙදරට ගිය පසු අනෙක් පිරිසට වෙන දෙය හිතා ගන්න බැරි වෙයි.

රටේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කර සමාන පුරවැසියෙකු බවට පත්කර තිබෙනවා. අපි මැතිවරණ ක‍්‍රමය වෙනස් කරනවා. තොරතුරු දැන ගැනීෙමි පනත ගෙන එනවා. විගණන පනත ගෙන එනවා. යහපාලන රජය පවා අද ඇමැතිවරුන්ට විෙවිචනය කිරීෙමි නිදහස ලබා දී තිබෙනවා. අපේ රජයේ දුර්වලතාවය තමයි රාජපක්ෂ සමයේ සිදු වූ මහාපරිමාන මුදල් කොල්ල කෑ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රීයාත්මක නොකිරිමයි.

ඔවන් කොල්ල කෑ මුදල් ප‍්‍රමාණය සොයාගන්න පවා අමාරුයි. එම මුදල් රටවල් 07 ක තැන්පත් කර තිබෙනවා. උපක‍්‍රමශීලිව තමයි මුදල් තැන්පත් කර තිබෙන්නේ. ඩුබායි බැංකු ගිණුම්වල අංක සහ මුදල් ප‍්‍රමාණ පිළිබද තොරතුරු අප ලබාදුන්නා. ඒවා ගැන සිදු කරන පරීක්ෂණ කඩිනම් කළ යුතුයි.

ශ‍්‍රී ලංකාෙවි ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඒකාබද්ධව යහපාලන රජය ඉදිරියට ගෙන යනවා. මෙය හොඳ ලක්ෂණයක්. ඇමරිකාෙවි ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකටත් එකතුවීමට බැරි වුනා. ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ඔවුන් මරාගන්නවා.

අප රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු කිරීමට මම කැප වුනා. රහසිගත සාකචිඡ පැවැත්වුවා. රට තුල වෙනසක් ඇති වී තිබෙනවා. ලෝක නායකින් පවා මවිතයට පත්වෙනවා. ඇමරිකා ජනාධිපති බැරැක් ඔබාමා ප‍්‍රකාශ කරන්නේ ශ‍්‍රී ලංකාව වර්තමානයේ හොද ප‍්‍රවෘත්ති මවන රටක් ලෙසට පත්ව ඇති බවයි.

දුම්කොළ නිෂ්පාදන බද්ධ සියයට 90 දක්වා වැඩි වී තිබෙනවා. අද දුම්වැටියක මිල රුපියල් 50 යි. දුම්වැටි 20 ක් මිලදී ගැනීමට රුපියල් දහසක් අවශයයි. ඇතැම් මාධ්‍යෙවිදීන් දුම්කොල සමාගම්වලට අවශ්‍ය පරිදි ලිපි ලියනවා. නමුත් දුම්පානයෙන් අපේ රටේ ජනතාව රෝගී තත්ත්වයට පත්වෙනවා. අයවැය හිඟය පියවා ගන්න දුම්කොල සමාගමෙන් ලැබෙන බදු මත සිටි යුගය අවසන් කළා. ජනාධිපතිතුමාගේ මතය වන්නේ දුම්කොළ සමාගම වසා දැමුවත් කමක් නැත යන්නයි’

– නිපුන් ඒකනායක
Source – Lanka C News



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here