අරුවක්කාඩුවට කසල ප්‍රවාහනය කළ රථ තුනකට ප්‍රහාරයක්

0
37


කොළඹ සිට අරුවක්කාලු කසල අංගනය වෙත කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 3කට අලාභ හානි සිදුකිරීම සම්බන්ධව පුද්ගලයන් තිදෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අද(19) අලුයම පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමන් ගත් කසළ ප්‍රවාහනය කරන ටිපර් රථ 3 කට ගල් මුල් ප්‍රහාරයක් එල්ලවී ඇති අතර ප්‍රහාරයෙන් ටිපර් රථවලට සුළු හානි සිදුව ඇත.

පසුව සිදුකළ දැනුම්දීමකට අනුව පොලීසිය මගින් සිද්ධියට අදාල සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙම කසල අංගනය ඉදි කිරීම සම්බන්ධව ප්‍රදේශවාසීන් දැඩි විරෝධතාවයක් දැක්වූ අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙමඟින් පාරිසරික හා සෞඛ්‍ය හානි ඇති විය හැකි බවයි. මේ සම්බන්ධව ප්‍රදේශවාසීන් විසින් පෙත්සමක් ද ගොනුකර ඇති අතර එය විභාගවෙමින් පවතින අවස්ථාවක මෙම කසල ප්‍රවාහනය සිදුවේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here