අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වන පිටු 21,000 වාර්තාවට ජනපති අත්සන් තබයි !

0
35


හ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව විභාගය සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපිලේඛනවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (06දා) අස්සන් තැබීය. අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපි ලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම සියලු ලිපි ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිගේ පරීක්ෂාවට පෙරේදා ලක්වූ අතර අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති විසින් එම ලිපි ලේඛන සහතික කරනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

උදේශ් ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here