අපිට බලය දෙන්න අපි මේ රට අවුරුදු 05න් ගොඩනගනවා

0
53


වසර 71 තිස්සේ විවිධ පක්ෂ විසින් ආණ්ඩු බලය හෙබවූවද සංවිර්ධනය කළ නොහැකි වූ රට ජවිපෙ පාලන බලයක් යටතේ අවුරුදු 05කින් ගොඩනගා පෙන්වන බවත් ඒ සඳහා ජවිපෙට බලය ලබා දෙන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා රටේ ජනතාවට අවධාරනය කරයි.

මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ බලමණ්ඩල රැස්විමට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේ ය.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේදි එවකට ආරක්ෂක ලේකම් ගොඨාබය රාජපක්ෂ මහතා සහ එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් රොබට් ඕ බ්ලේක් සමග ආරක්ෂක සේවා ගිවිසුම අත්සන් කිරීම තුළින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති වූ බවත් එම ගිවිසුම වත්මන් ආණ්ඩුවට එදා මෙන්ම හොර රහසේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් රටේ ආරක්ෂාව අමු අමුවේ පාවාදෙමින් සිටින බවත් විජිත හේරත් මහතා එහිදී පැවසී.

පසුගිය ආණ්ඩු සමයේ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වසර 10කට අත්සන් කළ රහස් ආරක්ෂක සේවා ගිවිසුම වත්මන් ආණ්ඩුව විසින් දින නියමයකින් තොරව ගිවිසුම් ගත කළ බවද ඒ මහතා එහිදී පෙන්වා දෙන ලදී.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සොල්දාදුවෙක් මෙරටදි කිසියම් හෝ වරදක් සිදු කළ හොත් ඒ සඳහා කිසිදු අවස්තාවකදි මෙරට නීතිය ඔහුට එරෙහිව ක්‍රියාත්මක කළ නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදුර්දීන්ලා, හිස්බුල්ලාව ඇතිදැඩි කරමින් නඩත්තු කරනු ලැබුවේ රාජපක්ෂ, රනිල් පාලකයන් විසින් බවත් එහිදී විජිත හේරත් මහතා අවධාරනය කළේ ය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ වසර 71ක් තිස්සේ පාලකයන්ට ගොඩනැගීමට නොහැකිවූ රට වසර පහකින් නිවැරදි මාර්ගයට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාව ඇති බවත් ඒ සඳහා ජවිපෙට බලය ලබා දෙන ලෙසත්ය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here